‘මට කවුරුත් කොණ්ඩයා කියන්නේ නෑ‘


‘මම සේයා  ඝාතනය කළ බවට කිසිදු පාපොච්චාරණයක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්නේ නැහැ. ඔවුන් සියලූ  දේ ලියා මගෙන් බලෙන් අත්සන් ගත්තා. මට පහර දුන්නා.‘ යැයි  සේයා ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිට පසුව නිදහස් කළ දුනේෂ් ප්‍රිශාන්ත අද (23) පැවසීය.

තමා වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් තමන්  නිර්දෝෂි බවට අධිකරණය හමුවේ   ප්‍රකාශ කිරීමට  නොහැකි වු බවත්  තමන්ගේ නිර්දෝෂි බව බන්ධනාගාරයේ දී බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනකුට පැවසු බවද දුනේෂ් පි්‍රයශාන්ත  පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අයිතිවාසියම් සදහා නීතිඥයෝ එකමුතුව සහ තවත් සංවිධාන කිහිපයක් එක්ව  අද මරදාන සමාජ හා සමාහික කෙන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

තමන් කිසි දිනක සේයා දැරිය දැක නොමැති බවද  තමන්  අත්අඩංගුවට ගත්තේ සේයාගේ ඝාතනය වෙනුවෙන් කියා දැන නොසිටි බව ද  එය දැනගත්තේ අත්අඩංගුවට ගෙන සී අයි  ඩි යට ගෙන ගොස් පහර දෙන අවස්ථාවේ දී බවද ප්‍රියශාන්ත කීවේය.

‘මම අමු මාළු කනවා කියන කතාව බොරු.  බොහෝදෙනා මට බොරු චෝදනා කරන්නේ. මම එහෙම දේවල් කර  නැහැ. මට කතා කරන්නේ දුනේෂ් නැතිනම්   පොඩී කියලා.. පොලිසියෙන්වත් මට කොණ්ඩයා කියා කතා කළේ නැහැ. කොණ්ඩයා කියන එක මාධයෙන් මට දාපු හදපු නමක් විතරයි.

මම කියන්නේ මම නිවැරදියි. මා දිහා වැරදි විදිහට බලන්න එපා. මට කටුගස්තොට පැත්තේ පෙම්වතියක් හිටියා. මේ සිද්ධියෙන් පස්සේ එයත් නැතිව ගියා. ‘

RDS_3040 RDS_3046 RDS_3076