‘මගේ දුරකතන සංවාදය විකෘති කරලා‘


(මනෝප‍්‍රිය ගුණසේකර)
නිශ්ශංක සේනාධිපති මහතා සමඟ කළ බව කියන මෙම දුරකතන සංවාදය සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයකු වශයෙන් මහජනතාවට පැහැදිලි කිරීමක් කළ නොහැකි බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සම්පුර්ණ දුරකතන සංවාදයම නිදහස් කරන ලෙස ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලීමක්ද කරන්නීය.
 
මෙම දුරකතන සංවාදය විකෘති කොට ඇති බව සදහන් කරන වික‍්‍රමසිංහ මහත්මිය එහෙයින් මහජනතාවට දැනගැනීම සදහා සම්පුර්ණ දුරකතන සංවාදයම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ද නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලා සිටින්නීය.
 
ආන්දෝලනාත්මක දුරකථන සංවාදය පිළිබදව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන වික‍්‍රමසිංහ මහත්මිය ‘රාජ්‍ය සේවකයකු වශයෙන් මෙම දුරකතන සංවාදය පිළිබදව මහජනතාවට පැහැදිලි කිරීමක් කළ නොහැකි බවත් ‘ඔබ හා සිදුකරන මෙම දුරකතන සංවාදය මට දුන්නේ රජයේ මොන ඇමතිතුමාද? හා කුමන හේතූවක් නිසාද? යන්න ජනතාවට කියන්න’ යනුවෙන් නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලීමක් කරන්නීය.
 
කමා ඉදිරිපත් කරන ප‍්‍රශ්න දෙකට පිළිතුරු දෙන්නැයි ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලීමක් කරන වික‍්‍රමසිංහ මහත්මිය මෙම දුරකතන සංවාදය විකෘති කොට ඇති හෙයින් මහජනතාවට දැනගැනීමට සම්පුර්ණ දුරකතන සංවාදයම නිදහස් කරන්නැයි සේනාධිපති මහතාගෙන් ඉල්ලීමක්ද කරන්නීය.