‘අපි ඇතිකරපු සංවර්ධන වැඩ අද අධ්‍යාපන අමාත්‍ය අකිල කාරියවසම් මහතා එයාගේ නම් දාගෙන විවෘත කරන්න යනවා. එතුමා හැමදාම කළේ අනුන් කරපු දේවල් වලට උප්පැන්න දෙන්න යන එක. හරියට මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා වගේ‘ යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳුදා කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් පැවසීය.
‘අවුරුදු එක හමාරක් තුළ වයඹ පළාතේ විශාල සංවර්ධන වැඩපිළිවෙලක් කරන්න අපට පුළුවන් වුනා. ඒ අතර කුලියාපිටිය ප්‍රදේශයටත් මහින්දෝදය විද්‍යාගාර, මහින්දෝදය ගුරු විවේකාගාර සහ සති පොළවල් ලබාදීමට කටයුතු කළා. වයඹ පළාත තුළ පොල් අතු සෙවිලිකර තිබු පාසල් ගොඩනැගිලි ඉවත් කරලා නවීන ගොඩනැගිලි ඉදිකළා. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 870 ක මුදලක් වැයවුණා. ඒ වගේම පළාත තුළ රුපියල් ලක්ෂ 4980 ක වියදමෙන් සති පොළවල් 28 ක් ඉදිකළා. විශේෂයෙන් කුලියාපිටිය ප්‍රදේශයට දැවැන්ත සේවයක් කළා. එවැනි විශාල වැඩකොටසක් කරනකොට තමයි අද පිනට පත්වුණු ආණ්ඩුවේ ඇමැතිවරු අපිට නොයෙක් චෝදනා කරන්නේ. අගෝස්තු 17 වෙනිදා ඒ හැමදේකටම ජනතාව උත්තර දෙන බව මට විශ්වාසයි.‘ යැයිද වයඹ මහ ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.


