(නිමල කොඩිතුවක්කු)
භික්ෂුන් වහන්සේලා සම්බන්ධ නඩු විමසීම සඳහා වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ දී අද (18) පැවසීය.
ඒ සඳහා ව්‍යවස්ථාවෙන් පවා ප‍්‍රතිපාදන සකස් වී ඇති බවත් සඳහන් කරයි.
කොළඹ 7, නිදහස් ආකේඩ් පරිශ‍්‍රයේ දී පැවති මාධ්‍ය හමුවකදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබා දී ඇති දඬුවම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීය.
‘‘රටේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් වන යම් යම් කරුණු කාරණා වලදී මහනායක හිමිවරුන්ගේ උපදේශය මත ක‍්‍රියාකළ යුතුයි. ඒ වගේම මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ නඩු විමසන්න වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතුයි. ඒ සඳහා අපේ ව්‍යවස්ථාවේත් ප‍්‍රතිපාදනයක් තියෙනවා.
විශේෂ වරදාන බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉල්ලලා නැහැ. මොකද බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා රාජ්‍ය නීතියට භික්ෂුව යටත් කියලා. හැබැයි මේ භික්ෂුන් වහන්සේලාට නඩු අහන වේගයෙන්ම අනිකුත් අපරාධකරවන් සම්බන්ධයෙනුත් නඩු අහන්න ඕනෑ.
රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ නඩුව දහ දොළොස් වතාවක් කල් ගියා. ඇවන්ගාඩ් නඩුව තාම ඇහුවේ නැහැ. ඇතැම් නඩු අහනවා. ඇතැම් නඩු අහන්නේ නැහැ.
ඥාණසාර හිමියන් උසාවියට බාධා කිරිමක් හෝ අපහාස කිරිමක් මත නීතිය අනුව යම් යම් ක‍්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් ප‍්‍රකෝටි ගණන් ජනතා ධනය විනාශ කළ ඇවන්ගාඩ් වැනි අපරාධකරුවන්ට තාම එක දවසක්වත් දඬුවම් ලබා දෙන්න අධිකරණය අසමත් වී තියෙනවා.
මේ නිසා රටේ ජනතාවට පැහැදිලි ප‍්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ ප‍්‍රශ්නය අධිකරණ ක්ෂේත‍්‍රය මගින් කඩිනමින් විසදිය යුතුයි යැයිද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.