(කාංචන කුමාර ආරියදාස)
මෙරට භික්ෂුණී සසුන පිළිනොගන්නේ බෞද්ධයන් යැයි කියාගන්නා දේශපාලඥයන් බව ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක හිමියෝ පවසති.
බුද්ධ දේශනාවේ සඳහන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස මේ වන විට මෙසිරිලක ස්ථාපිත වී තිබියදීත් වර්තමානයේ භික්ෂුණීන් වහන්සේලා පිළි නොගන්නේ බෞද්ධ යැයි කියා ගන්නා දේශපාලනඥයින් කණ්ඩායමක් බවත් ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ළගදීම රජය භික්ෂුණීන් වහන්සේලා පිළිගනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් සුමංගල නා හිමියෝ පවසති.
මහ නාහිමියන් මේ බව අවධාරණය කර සිටියේ අද(10) පස්වරුවේ මාතලේ දිස්ත්‍රික් භික්ෂුණී පර්ශදය සංවිධානය කළ ශ්‍රී සංඝමිත්තා ගුණ සැමරුම් ජාතික උත්සවය විශේෂ සමරු දේශනය පවත්වමිනි.




