‘බෝගොල්ලාගම එපා‘


හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම නිකවැරටිය එක්සත් ජාතික පක්ෂ නව සංවිධායක ලෙස පත් කිරීමට විරෝධය දක්වමින් නිකවැරටිය එජාප සාමාජිකයෝ විරෝධය දැක්වූහ.

දැනට සිටින එජාප සංවිධායක එච්.බී.තෙන්නකෝන් මහතාට සහය පළකරමින් හා බෝගොල්ලාගම මහතාගේ අනුරුවකට පහර දෙමින් විරෝධතාකරුවෝ එජාප නායකත්වයෙන් නව සංවිධායකවරයා නිකවැරටියට නොඑවන ලෙස ඉල්ලා සිටියහ.