‘බොරුවට උත්තරේ 17 ’ රුවන්


ජනවාරි 8 වැනිදා  ලැබු  මේ රටේ ප්‍රගතශිලි ජනතා ජයග්‍රහණය තවත් ශක්තිමත්  කරමින් අගෝස්තු 17 වැනි දා  එජාපයට විශිෂ්ට ජයග්‍රහණයක්  ලබාදීමට  ජනතාව පෙළ ගැසී  සිටින බව ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මල්වානේ පැවති ප්‍රචාරක රැලියකදී  පැවසුවේය.

එජාපය වටා සන්ධාන ආධාරකරුවන් දිනපතාම එක්රොක් වන්නේ පක්ෂයේ ජයග්‍රහණය ඔවුන් දන්නා නිසයි. දින සියයේ යහපාලන රජය මේ රටේ ඉතිහාසයේ කවදාවත් සිදු නොවුණ ආකාරයේ ජනතා සේවාවක් ඉටු කළ බව ඔහු කීවේය.

වසර 10 ක පාලන කාලයේ ජනතාව වෙනුවෙන්  යහපත්  වැඩ  කිසිවක්  නොකළ  මහින්ද රාජපක්ෂ මහතා  දැන් පොරොන්දු මල්ලක්  දෙමින් රට වටේ  යන අතර මේ බොරු පොරොන්දු වලට ජනතාව රැවටෙන්නේ  නැති බවත්  අගොස්තු 17 වැනිදා  බොරුවලට ජනතාව හොඳ පිළිතුරක්  ලබාදෙනවා ස්ථිර බව විජයවර්ධන මහතා  ප්‍රකාශ කළේය.

DSC_0189 DSC_0206 DSC_0212 DSC_0222 DSC_0224