‘බොරු තොරතුරු පතුරුවන්නන්ට නීති ක්‍රියාමාර්ග ගන්නවා‘


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

තමා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පතුරුවන පුද්ගලයන් සම්බන්ධයෙන්  විමර්ශන පවත්වා  එසේ කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවැසීය.

තමා සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල ප්‍රසිද්ධ කෙරුණු බවද ඔහු ප්‍රකාශ කළේය .

නිරෝධායනය සඳහා  පස්සර ප්‍රදේශයට රැගෙන ගිය පිරිසක්  රැගත් බස් රියක් නැවත හැරවීමට තමා කටයුතු නොකළ බවත් එම පිරිසට  ඇඳුම් ගෙනයෑමට ඉඩදෙන්නැයි නීතිඥයෙකු මාර්ගයෙන් කළ ඉල්ලීමක් අනුව තමා පොලිස්පතිවරයාට කතා කර ඒ සඳහා කටයුතු කරන ලෙස දැනුම් දුන් බවත් වීරසේකර මහතා කීය .

කිසිම පුද්ගලයකු දින 14ක  නිරෝධායනයට ඇඳිවත පිටින් රැගෙන යෑම අසාධාරණ යැයි ද  ඔහු ප්‍රකාශ කළේය .