
(අංජුල මහික වීරරත්න)
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 30ක අගයේ තිබියදී රජයට ඉතිරි වූ ඩොලර් බිලියන 2 ක මුදල යොදවා ඉන්ධන හෝ බෙහෙත් ගැනීමට වයස අවුරුදු 18 ට වැඩි පුරවැසියන් වෙනුවෙන් වවුචර් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (17) රජයට දන්වා සිටියේය.
කොරෝනා වසංගතය ලෝකය පුරා පැතිරීමට පටන් ගත් දිනයේ සිට ලෝක වෙලෙඳපොලේ බොරතෙල් මිල දවසින් දවස අඩු වී ඒ තත්ත්වය පසුගිය මැයි මාසය තෙක්ම පැවැති බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ ඊයේ පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අදටත් යහපාලන රජය පැවති 2019 වසරේ තිබූ අගයට ඇවිත් නැති බව සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා තෙල් වලින් රජය ඉතිරි ඉතිරිකරගත් ඇමෙරිකා ඩොලර් බිලියන දෙක මේ අසීරු අවස්ථාවේ ජනතාව වෙනුවෙන් යෙදවිය යුතුව ඇතැයිද පැවසීය.
වත්මන් රජය යටතේ ඉන්ධන මිල මේ වන විට 2015 යහපාලනය ආණ්ඩුව බාර ගන්නට පෙර පැවති ගණනටම වැඩි කර ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය .

