‘බොදු ජන පෙරමුණ‘ නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන ඉදිරි මහ මැතිවරණය සදහා තරග කරන බව බොදු බල සේනා සංවිධානය පවසයි.
මෙම පක්ෂයේ ඡන්ද ලකුණ ලෙස නාගයෙකුගේ රුව තෝරාගෙන තිඛෙන බව බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක ආචාර්ය දිලන්ත විතානගේ පැවසීය.
බොදු ජන පෙරමුණ පක්ෂයෙන් ගිහියන් පමණක් මැතිවරණය සදහා ඉදිරිපත් කරන අතර පැවිදි නායකයින් පක්ෂයේ උපදේශකයින් ලෙස කටයුතු කරන බව ද විතානගේ මහතා සදහන් කළේය.
එමෙන්ම කිසිදු පක්ෂයක් සමග සන්ධානගත නොවී තනි පක්ෂයක් ලෙස තරග කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

