‘ජනවාරි 8 වැනිදා ලබාගත් ජයග්‍රහණය ආපසු හරවන්න දෙන්නේ නෑ. අපට කරගන්න බැරිවුණ 20 වැනි සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවෙන් අපි කරන්න බලාපොරොත්තුවෙනවා. මේ තිරිසන් මැතිවරණ ක්‍රමය වෙනුවට නියම ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට ගෙන එන මැතිවරණ ක්‍රමයක් අපි ඇතිකරනවා.‘ යනුවෙන් රාජිත සේනාරත්න මහතා යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා ගිවිසුම අද (12) අරලියගහ මන්දිරයේදී අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.
‘ගමේ වෙද මහතා, ඉස්කෝලේ මහතා සරම බැනියම ඇඳපු නියම ජනතා මනස හඳුනන පිරිස යළි පාර්ලිමේන්තු ගෙනෙන යුගය අපි ඇතිකරනවා.
දැන් සුදුවෑන් එන්නේ නෑ, උතුරේ මිනිස්සු බියක් සැකයක් නැතිව නිදා ගන්නවා. ඒ නිදහස අර්ථවත් කරන්න ආයෙත් 17 වැනිදා පක්ෂ බේද නොසලකා, පුද්ගල නාම නැතිව නියම පිවිතුරු දේශයක් ගොඩනගන්න ඡන්දය දෙන්න. අගෝස්තු 17 වැනිදාට අනිවාර්යයෙන්ම යහපාලනය ජයග්‍රහණය කරනවා. පිරිසිදු පාර්ලිමේන්තුවක් ගොඩ නගනවා.‘

