තමන් බලයට පත්වූ පසු ජීවන වියදම අඩු කිරීමේ වැඩපිළිවෙළට මුල් තැනක් දෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) ගලගෙදර පැවති සන්ධාන රැලියේදී පැවසීය.
‘එජාපය එක එක ව්‍යාපාරිකයින්ට ඕන විදියට කෘෂිකර්මය පවා දෙනවා. අල හා පරිප්පුවල බදු වැඩි කිරීම ගැන කිසිම දෙයක් කියන්නේ නෑ. ආර්ථිකය බිම දිගාවෙලා. අපි බලයට පත්වූ විට නැවත එය නැගිටුවීමට කටයුතු කරනවා‘ යැයිද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.
සන්ධාන රැලිය ගලගෙදර බස්නැවතුම්පළ අසලදී අද දහවල් පැවැත්විණි.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා





