‘බිත්තර ගැසුවන් නිදැල්ලේ‘


හම්බන්තොට වරාය නැරඹීමට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට හා මාධ්‍යවේදීනට තර්ජනය කර බිත්තරවලින් පහර දුන් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි කියමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද හම්බන්තොට පොලිසිය ඉදිරිපිට පාරේ විරෝධතාවක් පැවැත්වූහ.

අනතුරුව පොලිසිය අසළට ගොස් බිම වාඩි වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළහ.

හම්බන්තොට බස් නැවතුම් පොළ අසල විරෝධය දක්වද්දී බස්නැවතුමේ සිටි පිරිසක් හූ කීහ.