‘බැසිල් එක දවසක් රිමාන්ඩ් එකට ඇරියනම් සජිත් ප්‍රේමදාස මාස 10 කට හිරේ යවන්න ඕන. මේ 18 වැනිදායින් පස්සේ අපි ඒක වෙනම බලමු.‘ යැයි ඇමැති එස්. බී. දිසානායක මහතා උඩුනුවරදි ඉරිදා පැවැති උත්සවයකදී පැවසීය.
ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත් කරගත්තා. ඒ අවස්ථාවේ රනිල්ට මන්ත්‍රිවරු 47 යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ අපිට 127 යි. අපේ සන්ධානයට 146 යි. අපේ මන්ත්‍රිවරු සේරම කෑගහන්න පටන් ගත්තා. අපේ 147 ක් තියාගෙන මොකද කරන්නෙ රනිල්ව ඇදල එළියට දාමු කියල. ඒක බොහොම ලේසියෙන් කරන්න තිබ්බා. නමුත් මම ඒ අවස්ථාවෙ කිවුවා එහෙම කරන්න එපා. අපි රනිල් මලක් වගේ බලාගන්න ඕන. ඒ රනිල්ට ආදරේටවත් එක්සත් ජාතික පක්ෂයට ආදරේටවත් නෙමෙයි. මොකද ඒ අවස්ථාවේ අපිට මැතිවරණය ප්‍රමාද කරගන්න ඇති වුවමනාෙ නිසා. අපි එය ඉතාම සාර්ථකව කර ගත්තා. අපිට අවශ්‍ය වෙලාවට මැතිවරණය ගත්තා. දැන් එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට යන්නෙ රටේ සංවර්ධනය මුලින් කඩා දාපු සංවර්ධනය නවත්වපු මෑත භාගයේ ලංකාවෙ වෙච්ච ලොකුම හොරකම කරපු පක්ෂය හැටියට මැතිවරණයට යන බවත් මේ ඡන්දය දිනිම පිළිබඳ කිසිම ගැටළුවක් නැති බවත් අමාත්‍යවරයා කීවේය.

