ඇස් නොපෙනෙන ඡන්ද දායකයන් සඳහා බ්‍රේල් ක්‍රමයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් ඉදිරියේ ඇති කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ශාරීරික දුබලතාවලින් පෙළෙන්නන්ගේ ද මූලික අයිතිවාසිකමක් වන ඡන්දය භාවිත කිරීමේ අයිතිය රැකෙන ක්‍රමයක් සැලසුම් කිරීම ගැන දැනුම්වත් කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවක දී කොමසාරිස් එසේ කීවේය.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.
(වීඩියෝ දසුන් සහිතයි)




