‘බලයට පත් වී පැය කිහිපයකින් දේශිය ආදායම් පනත මුළුමනින්ම වෙනස් කරනවා‘


(සුජිත් හේවාජුලිගේ)


ජනතාව පීඩාවට පත් කළ දේශිය ආදායම් පනත  අප බලයට පත් වී පැය කිහිපයකින්  සම්පුර්ණයෙන් වෙනස් කරන බව  කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


අසීමිත බදු ගැහිල්ල නිසා රටේ සියලු ක්ෂේත්‍රයන්  බරපතල ලෙස කඩා වැටී ඇතැයි කී ගුණවර්ධන මහතා නිදහසින් පසුව ජනතාව මත වැඩිම බදු බර පැටවු රජය ලෙස වත්මන් රජය ඉතිහාසයට එක්වන බව ද ප්‍රකාශ කළේය.