‘ජනවාරි අට වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවා මහින්ද රාජපක්ෂගේ දේශපාලනයට තිත තබා භීෂණය දූෂණය අවසන් කළත් රාජපක්ෂ පරාජය බාර ගන්න බැරිව යළි බලයට එන්න හදනවා. ඒ කාලයේ අපට මොන තරම් තර්ජන ගැටළු තිබුනාද? අපේ දේශපාලන කටයුතුවලට ඉඩ දුන්නේ නැහැ. සුදු වෑන් සංස්කෘතිය නිසා ජනතාව ජීවත්වුණේ බියකින්. ‘ යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා මීරිගම දී පැවසීය.
විජයවර්ධන එසේ කීවේ අද (1) දහවල් කොට්ට්ල චාන්ස් පැලස් උත්සව ශාලාවේ පැවැති මීරිගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරින්ගේ හමුවක් අමතමිනි.
බෝරුක්ගමුව ආලෝකාරාමාධිපති ගින්නැලියේ ආයුපාල හිමියන් පිරිස පංච ශීලයේ පිහිටුවීමෙන් අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කර මෙම හමුව ඇරැඹීය.
රාජ්‍ය ඇමති විජයවර්ධන මහතා -
‘කිසිවකුගේ මතවාදයක් ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නේ නැහැ. ජනවාරි අට වැනිදා වෙනසින් පසු අනෙක් අයට මෙන්ම මහින්ද රාජපක්ෂටත් තම මතවාදය ඉදිරිපත් කරන නිදහස ලැබී තියෙනවා. අපි දින සියයේ ආණ්ඩුව හැදුවේ ඉක්මනින් මැතිවරණයට යන්නයි. එහෙම ගිහින් ශක්තිමත් ආණ්ඩුවක් හදන්නයි. දින සියයෙන් ටිකක් ඔබ්බට ගියත් දීන සියයේදී ජනතාවගේ මූලික ගැටළුවලට සහනයක් දෙන්න අපට පුළුවන් වුණා. බඩු මිල අඩු කලා. රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා. විශ්ව විද්‍යාල සිසුවාගේ මහපොල දීමනාව පවා වැඩි කරන්න පුළුවන් වුණා.
තව තවත් ගැටළු ජනතාවට තියෙන බව අපි දන්නවා. ඒ සියලූ ගැටළුවලට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් ඉදිරියේදී සහන දෙන්න පුලූවන් බව අපිට විශ්වාසයි. දින සියයේ අ ඇමතිවරු ලෙස අපි කටයුතු කළේ මහින්ද රාජපක්ෂගේ නිලධාරීන් එක්කයි. ඒ අය කටයුතු කළේ එක එක චක්‍රලේඛ පෙන්වමින් වැඩ නොකෙරෙන තැනටයි. සුලූතර බලයක් ඇති ආණ්ඩුවක් වශයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේ හරිම අමාරුවෙනුයි. රටට හිතැති පාලනයක් සමග ඉදිරියට යන්න එක්සත් ජාතික පක්ෂයට බහුතර බලය තියෙන ආණුඩුවක් අත්‍යවශ්‍යයි. ඒ සදහා ඉදිරි මැතිවරණයේදී ගමින් ගමට ගිහින් අපේ ජය තහවුරු කර ගනිමු.
මහින්ද රාජපක්ෂ බලයට එන්න තියෙන කෑදර කම නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරනවා. විනාශ කරනවා. එතුමාට පරාජය බාරගෙන හොද විශ්‍රාම දිවියක් ගත කරන්න තිබුණා. අවුරුදු ගණනක් තිස්සේ බලය බදාගෙන ඉඳලා දැන් බලය අත අරින්න බැරි වෙලා ඉන්නවා. කෝටි ගණන් කොමිස් සල්ලි සාක්කුවට දමා ගත් හොරු රැලට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් දඩුවම් ලැබෙයි කියා බයෙන් රාජපක්ෂ පුම්බන්න හදනවා.
පානීය ජල ගැටලූවකට විසදුම් ඉල්ලු වැලිවේරියේ ජනතාවට වෙඩි තියලා ජීවිත ගණනක් විනාශ කළා. තමන්ගේ අර්ථ සාධකය රැක ගන්න ගිය කටුනායක සේවක පිරිස්වලට වෙඩි තියලා රොෂේන් චානක මරා දැම්මා. මහින්ද රාජපක්ෂ උද්ඝෝෂණ කිරීමේ ජනතා අයිතිය නැති කර දැම්මා. එහෙව් පුද්ගලයෙක් යලි ගේන්න පිරිසක් වලි කනවා. මේවා සියල්ලට තිත තියන්න ඕනෑ.
කුඩු, කැසිනෝ, එතනෝල් කරුවන්ට යලි බලය දෙන්න එපා. පක්ෂ බේදයකින් තොරව සමස්ත ජනතාවට සේවය කරන්නට අපි ඉදිරිපත් වෙනවා. ගතවූ දින සියය තුළ අපි ජාත්‍යන්තරව කොපමණ දුරකට ආවාද? එදා අපට හිටියේ චීනය විතරයි. අද එහෙමද බොහෝ රටවල් අප සමග එකතු වෙලා ඉන්නවා. අපේ රට හදන්න සම්පත් ලබා දෙන්න ලෝක ප්‍රජාව සූදානම්ව ඉන්නවා. ‘




