‘බලධාරීන් කියනවානම් රට වැසිය යුතුයි‘


( ජේ.ඒ.එල් ජයසිංහ , ෂේන් සෙනෙවිරත්න සහ චමිල් රූපසිංහ)

ශ්‍රී ලංකාව  මුහුණ දී  සිටින කොරෝනා අවදානම් තත්ත්වයට පිළියමක් වශයෙන්රට යම් කාලයකට වසා දැමිය යුතු යැයිසෞඛ්‍ය අංශ, වෛද්‍යවරුන් හා විද්වතුන් ඉල්ලීමක් කරන්නේ නම් රජය ඊට අවනත වී කළ යුත්තේ  රට වසා දැමීම බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ  පවසයි.

පෙර රජ දවස සිටනැවත එන චාරිත්‍රයක්ඉෂ්ට කරමින්ආදිවාසි නායක සහඔහුගේ ආදිවාසී පිරිස ඊයේ (18) මහනුවරට පැමිණප්‍රථම රන්දෝලි පෙරහැර දිනයේසාම්ප්‍රදායික මී පැණි පූජාවසිදු කිරීමෙන් අනතුරුව ආදිවාසී නායකයා එම අදහස් පළ කරමින් මෙසේ පැවසීය .

වෙනත් වසර වලදී මේ මීපැණි පූජාවට අපේ පරම්පරාවේ සීයක් විතර සහභාගි වෙනවා . නමුත් අද රටේ පවතින තත්වය හේතුවෙන් අද අපි දහදෙනකුපමණයි සහභාගි වන්නේ . ඒ අයත් එන්නත් මාත්‍රා දෙකම ගත් අයයි .මොන වසංගත තත්ත්වයක් ආවත් අපේ චාරිත්‍ර අපි ඉටු කළ යුතුයි .

මේ වසංගතය ස්වභාවධර්මයාවිසින් ලෝකයාට දීලා තිබෙන දඬුවමක් හැටියටයි මා දකින්නේ .මේ වසංගතයට ජාති, ආගම්, පාට, පක්ෂ, භේදයක් නැහැ . ලෝකයේ ඕනෑම බලවත් රටක ඉහළම පුද්ගලයාගේ සිට පහළම පුද්ගලයා දක්වා මේ රෝගයේ අවදානමට අද ලක් වෙලා ඉන්නවා . අපේ ආදිවාසී පරම්පරාවේ පිරිසකටත් රෝගය වැළඳිලා කියලා අපට දැනගන්නට ලැබී තිබෙනවා . මේ කාලයට අපේ අයට කැස්ස උණ වැනි රෝග හැදෙනවා. ඒ අයට හැදිලා තියෙන්නේ සාමාන්‍යයෙන් හැදෙන රෝග තත්ත්වය ද එසේ නැත්නම් කොරෝනා රෝගය ද කියලා අපිට තාම නිශ්චිත නැහැ .

රජයට, සෞඛ්‍ය අංශ හෝ ආරක්ෂක අංශවලට මේ වසංගත රෝගය තනිව පාලනය කරන්න බැහැ . රටේ ජනතාව විනයගරුකව සෞඛ්‍ය නීතිරීතිවලට ගරු කර ඊට අනුගත වෙලා කටයුතු කළොත් තමයි මේ තත්ත්වය යම් තරමකට හෝ පාලනය කරගන්න පුළුවන්.

අපි දැක්කා රජය නීති පනවන්න ඉස්සරවෙලා පවතින අවදානම් තත්වය තේරුම් ගෙන බොහෝ නගරවල ව්‍යාපාරිකයෝ ස්වයං වාරණ වලට එළැඹිලා තම ව්‍යාපාර වසා දැමීමට තීරණය කොට ඇති ආකාරය . මේක ඉතා හොඳ ප්‍රවණතාවයක් රජයේ හෝ වෙනත් අංශවලට දොස් කිය කියා ඉන්නවට වඩා තමන් ම තත්ත්වය තේරුම් ගෙන කටයුතු කරනවා නම් ඒක ඉතාම යහපත් .

මෙම අවස්ථාවට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර චාරිත්‍රානුකූලව ආදිවාසී නායකයා ඇතුළු පිරිසටත්‍යාග බෝග ලබා දීමද සිදු කෙරුණි .