‘බබාගේ සැත්කමට උදව් කළ හැමට පින්‘


උපතින්ම ශ්‍රවණාබාධිත තත්ත්වයේ පසුවූ රත්නපුර තිත්තවැල්ල පාර, කොස්වැටිය, පල්ලෙබැද්දේ අංක 242 ලිපිනයේ පදිංචි යසිරු බණ්ඩාර (4) දරුවා සාර්ථක කර්ණ සංඛ බද්ධ කිරීමේ සැත්කමකින් පසු පෞද්ගලික ආයතනයක කථන පුහුණුව ලබන බව දරුවාගේ මව කේ.එල්.එච්.දයාවතී මහත්මිය පවසන්නීය.

සතියකට වරක් රත්නපුර සිට කොළඹට දරුවා සමග පැමිණීමත් වරකට රුපියල් 950 ක් වන ගාස්තුව ගෙවීමත් අපහසු බව මව කියන්නීය.

දරුවා ළදරු පාසලක ඉගෙන ගන්නා බවද සැත්කමට ආධාර උපකාර කළ සියලු දෙනාට ස්තූතිවන්ත වන බවද මව සඳහන් කළාය. දරුවාගේ සැත්කම වෙනුවෙන් උපකාර ඉල්ලා පසුගිය අප්‍රේල් 27 වැනිදා එසැණ පළ කළ පුවත දැක බොහෝ පිරිසක් ආධාර කිරීමට ඉදිරිපත් වූ බවද ඇය පැවසුවාය.

පේරාදෙණිය ළමා රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිසිර ඇතුල්ගම මහතා ඇතුළු කණ්ඩායම දරුවාගේ සැත්කම සිදු කර ඇත. දරුවා වෙනුවෙන් උපකාර කිරීමට දුරකථන අංක 071 365 46 25 ඔස්සේ විස්තර ලබාගත හැකිය.

ඒ සම්බන්ධව පළවූ පෙර පුවත 

http://www.lankadeepa.lk/index.php/articles/306435

yasiru_20151021e-1 yasiru_20151021e-2 yasiru_20151021e-3 yasiru_20151021e-4