‘බබා හදාගන්න සල්ලි නෑ‘ : ලියුමක් සමග දරුවා මහ පාරේ


පේරාදෙණිය,  දංගොල්ල හන්දියේ පාර අද්දර අද (6) සවස  දින 18ක් පමණ වයසැති  ළදැරියක් දමා ගොස් සිටියදී සොයාගත් බව පොලිසිය කියයි.

එම මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් පේරාදෙණිය පොලිසියට කළ දැනුම් දීම අනුව කාන්තා කාර්යංශයේ නිලධාරිනියන් විසින් ඇය රැගෙන ගොස් පේරාදෙණිය රෝහලට ඇතුලත් කර ඇත.

පාරේ දමා ගොස් සිටි දැරිය අසල ඇයගේ මව ලියූ බවට සැකකරන ලිපියක්ද තිබු බව පොලිසිය කියයි.

තමාට දරුවන් සිව් දෙනකු සිටින බවත් දැරිය දින 18 වයස  වන බවත් හදා ගැනීමට ආර්ථික අපහසුතා තිබෙන බැවින් දරුවන් නැති  කා හට හෝ හදා ගැනීමට ලබා දෙන ලෙස එහි ඉල්ලා ඇත.

ඇගේ සැමියා කම්කරුවකු බවත් එම ලිපියේ සටහන් කර ඇතැයි පොලිසිය පවසයි.

 vlcsnap-2015-10-06-03h08m39s72 vlcsnap-2015-10-06-03h09m08s80 vlcsnap-2015-10-06-03h09m41s186 vlcsnap-2015-10-06-03h09m52s38

ඡායාරූප - සෙනරත් බණ්ඩාර