‘බන්ධනාගාර නීතීය කාටත් පොදුයි‘



(අංජුල මහික වීරරත්න)

අධිකරණය මගින් දෙනු ලබන තීන්දුවකදී සිර භාරයට පත්වන ඔනැම කෙනෙකුට බලපාන නීතිය බන්ධනාගාර පනතේ පැහැදිලිව සඳහන් වී ඇතැයිද ඒ අනුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ පවතින බන්ධනාගාර දෙපාර්තුමේන්තුව ක්‍රියා කළ යුත්තේ බන්ධනාගාර පනතට අනුකුලව යැයිද අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මහාචාර්ය කොට්ටපිටියේ රාහුල කොට්ටේ ශ්‍රී කල්‍යාණි සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනු නාහිමියන්ට ලිපියකින් දන්වා ඇත. 


ස්වාමින් වහන්සේ නමකගේ  චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් පුර්ණ අයිතිය එම හිමිකම අයත් නිකායට හෝ අදාල ස්වාමීන්වහන්සේට තිබෙන බවත් ඒ පිළිබඳව කිසිම රජයකට හෝ රටේ පාලකයකුට හෝ රජය නියෝජනය කරන පාර්ශවයකට අයිතියක් නැති නමුත් ස්වාධීන අධිකරණයක් තුල රටේ සියලුම පුරවැසියන් වශයෙන් රටේ පවතින නීතියට අවනතව කටයුතු කිරීමට ගරු කිරීමට බැඳි සිටින බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය යැවු ලිපියේ සඳහන්ය.


සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය කෝට්ටපිටියේ රාහුල අනු නාහිමියන්ට අධිකරණය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයට යැවු ලිපියකට පිළිතුරු ලෙස අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙම  ලිපිය යවා තිබේ.