‘පොහොට්ටුවේ’ මැයි රැළිය කැම්බල් පිටියේදී


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෝක කම්කරු දිනය වෙනුවෙන් සංවිධානය කරන මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී මැයි මස 1 වැනිදා පස්වරු 2.00 සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම පක්‍ෂය පැවසීය.

එම පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන එම මැයි රැළියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්‍ෂිකයන් විශාල සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත බව ද එම පක්‍ෂය වැඩි දුරටත් සඳහන් කරයි.