අංජුල මහික වීරරත්න
ජනබලය දියාරු උද්ඝෝෂණය නිසා පොහොට්ටුවේ ජනබලය මෙන්ම මාධ්‍යයේ පච බලය නැති වී ගිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (06) පැවසීය.
අවසානයේදී ඉතිරි වූයේ එක්සත් ජාතික පක්ෂය සහ පක්ෂයේ 72 වැනි සංවත්සර උත්සවය පමණක් බවද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ එක්සත් ජාතික පක්ෂ 72 සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
පසුගිය දිනවල මට දුරකථන ඇමතුම් දෙක තුනක්ම ලැබුණා. පොහොට්ටුවෙන් බලය අල්ලන්න එන නිසා සංවත්සර උත්සවය කල් දමමු දැයි එම හිතවතුන් ඇසුවා. පොහොට්ටුව බලය අල්ලන බව කියනවා. පොහොට්ටුව බලවත් බව මාධ්‍යයත් කියනවා. සිසුන්ට හානි ඇතිවිය හැකි යැයි කියමින් මිනිසුන් භය කරනවා යැයි දුරකථන ඇමතුම් දුන් අය මට කිව්වා.
අපේ වැඩේ කරමු යැයි මා එහිදී පැවසුවා. ඒ අයට ඔවුන්ගේ වැඩේ කරගන්න ඉඩදෙන ලෙසත් මා කිව්වා. එදින සිදුවූ ඓතිහාසික වැඩකටයුත්ත වන අලූතින් ගම්මාන 130ක් ඇරඹීම පිළිබඳව තිබුණේ මොන මාධ්‍යයේද? අත ඔසවා කිව්වොත් ඇමැතිකමක් දෙන්නම්. මාධ්‍යයට එක්සත් ජාතික පක්ෂය නැති කරන්න බැහැ. උද්ඝෝෂණයක් කරගන්න බැරි අය රටක් කරන්නේ කෙසේදැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

