‘පොලිසියට වැරදිලා‘


අලුත්වැඩියාව සඳහා කුරුණෑගල ගරාජයකට බාර දුන් තම පෞද්ගලික කාරය පොලිසියෙන් රැගෙන ගොස් ඇතැයි, එය ජනපති කාර්යාලයයේ වාහනයක් ලෙස හඳුන්වා ඇතැයි ද දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා (රත්තරන්) පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිසිය තමාට කළ අපහාසය ගැන නීති මගින් කටයුතු කරන බව ඔහු කියයි.

ඔහුගේ වාහනය කුරුණෑගල ගරාජයකට දුන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ විය පුෂ්පකුමාර මහතා පැවසුවේ කුරුණෑගල මෝටර් රිය අමතර කොටස් ලාබ නිසා එහි ගරාජයකට දුන් බවයි.