‘පොලිසියට ගහන්න එන්න එපා’


සුළු සිද්ධියකදී පවා ජනතාව කලබල වී පොලිසියට ගැසීම පොලිසිය ගිනි තැබීම දැන් පුරුද්දක් බවට පත්වෙලා. නීතිය අතට ගන්න කව්රුවත් සූදානම් වෙන්න එපා. නීතිය කි‍්‍රයාත්මක කරන්න පොලිසිය ඉන්නවා. පොලිසියට විරුද්ධව පැමිණිල්ලක්  ඇත්නම් එය අකුරට පරීක්‍ෂා කර නඩුදාන්න පුළුවන් වගන්ති හා පනත් තිබෙනවා. ජනතාවට පොලිස් බලතල අතට ගන්න පුළුවන් කමක් නැතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තංගල්ලේදී අද පැවැසීය. රුපියල් කෝටි 24 ක වියදමින් ඉදිකළ තංගල්ල නව පොලිසිය විවෘත කරමින් ජනපති එසේ කීය. සාමය ආරක්‍ෂා කිරීමට නම් ජනතාවත් පොලිසියත් අතර සුහඳතාවයක් තිබිය යුතු බව ද ජනතාවගේ බදු මුදලින් තමන් වැටුප් ලබා ගන්නා බව පොලිසිය අවබෝධ කරගත යුතු බව ද ජනපති කීය. මෑතකදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයෑමෙන් පසුව දොම්පේ පොලිසියට ගැසූ පිරිසක් රුපියල් කෝටියක පමණ අලාභ හානි කළහ.