‘පොලිසිය පැත්තක් අරගත්තා‘


2012 ජනවාරි 13 වැනිදා කොළඹ ටොරින්ටන් චතුරශ්‍රයේදී බම්බලපිටිය ව්‍යාපාරික මුස්තාක් සාලි මොහොමඩ්ට තර්ජනය කළැයි සංධාන පළාත් සභා මන්ත්‍රී නවුසර් පවුසි බස්නාහිර හිටපු නියෝජ්‍ය පොලිස්පතිගේ නියමය අනුව මුදා හළ බව පැමිණිලිකරුගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය හමුවේ කියා සිටියේය.

පොලිසිය මේ සිද්ධියේදී පවුසිට පක්ෂග්‍රාහී ලෙස ක්‍රියාකළැයි සඳහන් කළේය.

නඩුව විභාග කරන්නේ සමථ මණ්ඩලයට යොමු කරන්නේද යන්න ගැන ලබන 27 වැනිදා තීරණය කරන බව මහේස්ත්‍රාත්වරිය කීවාය.