සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පෙර සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ සිද්ධිය වූ ස්ථානය, පරිසරය හා නිවෙස්වලින් දකින්නට අසන්නට ලැබුණු තොරතුරු මත ඇති වූ සාධාරණ සැකයක් මත බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පැවැසීය.
මෙම සිද්ධියේදී පොලිසිය ක්‍රියා කළේ සත්භාවයෙන් මිස කිසිවකු පීඩාවට හෝ හිරිහැර කිරීමේ අදහසින් නොවන බවත් එසේ කිරීමට නිලධාරීන්ට අවශ්‍ය නොවන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
මෙහිදී පොලිසියට චෝදනා එල්ල කළත් පොලිසිය කිසිවකුගෙන් සමාව ලබාගත යුතු නැති බව ද ජයසුන්දර මහතා අවධානරණය කළේය.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවාගේ මව කියනුයේ තම දරුවා මෙම සිද්ධිය වූ දින තමා සමග නිවසේ සිටි බව පොලිසියට කියද්දීත් එය ගණන් නොගෙන අත්අඩංගුවට ගැනීමෙන් තම දරුවාගේ ජීවිතය විනාශ කිරීම ගැන පොලිසිය වගකිව යුතු බවයි.

