‘පොලිස් මූල්‍ය කොට්ඨාස නිලධාරීන්ට දොරපොල්ල ගන්න‘


පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යනුකූල එකක් නොවන බවත් යම් පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට එන්නේ නම් එහි නිලධාරීන්ට එරෙහිව ගල් නොව දොරපොල්ල අතට ගන්නැයි හිටපු දකුණු පළාත් සභා අමාත්‍ය මේජර් අජිත් ප්‍රසන්න මහතා අද (15) කොළඹ අලුත්කඩේ උසාවියට පැමිණි අවස්ථාවේ කීවේය.

රිමාන්ඩ් භාරයේ සිට ඇප ලැබූ දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී.උපුල්ගේ නඩුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ ඔහු එසේ පැවසීය.