‘පොලිස් ප්‍රකාශක සන්ධානෙට කඩේ යනවා‘


බස්නාහිර පළාත්සභාවට එක්සත්ජාතික පක්ෂයෙන් තරඟ රොයිස් ප්‍රනාන්දු මහතා මීගමුවේ කොල්ලකෑමට සම්බන්ධ යැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා  පුන පුනා කරන ප්‍රකාශය රජයට දේශපාලන වාසි ලබා දීමට ගන්නා නිර්ලජ්ජිත උත්සාහයකියි එක්සත්ජාතික පක්ෂය කියයි.

පුද්ගලයකු නීතීයෙන් වරදකරුවකු වන්නට පෙර ඔහු අපරාධකරුවකු කර මාධ්‍ය ප්‍රකාශක  නීතීඥයකු වශයෙන්  නීතීයේ මුලික සිද්ධාන්ත ද නොදනිතියි එජාපය කියයි.

පොලීසියේ ගරුත්වය සලකා එම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.