‘පොරොන්දු මලු පච මලු‘


රට හැදීමට නම් පොරොන්දු දේශපාලනයෙන් ඉවත් වී සැබෑ දේශපාලන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂවල වගකීම බව ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සුනිල් හදුන්නෙත්ති මහතා පැලවත්තේ පක්ෂ කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ පොරොන්දු මල්ලක් බවත්, එම ප්‍රතිපත්ති ප්‍රකාශවල රටේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු ප්‍රතිපත්තියක් සඳහන් කර නැති බවත් හඳුන්නෙත්ති මහතා කීවේය.

ජනතා විමුක්ති පෙරමුණ කිසිදු දිනක මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල පොරොන්දු ලබා දී නොහැති බවත්, මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති හෘද සාක්ෂිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් රටට පැහැදිලි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.