(නාලක සංජීව දහනායක)
නෙවැම්බර් දී පැවත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි සංවත්සරයේදී පක්‍ෂය නිල වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බාරදී පක්‍ෂ නායකත්වය සඳහා ඔහුව පත්කරගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (18) පැවසීය.
එමෙන්ම එදිනට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් පක්‍ෂ සමාජිකත්වය ලබාගන්නා බවත් සියලූම දිස්ත‍්‍රික්ක සඳහා ආසන සංවිධායකවරුන් පත් කරන බවත් මන්ත‍්‍රීවරයා කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
මිනිස්සු දැනටමත් පෙදුජන පෙරමුණ වටා ඒකරාශී වෙලා ඉවරයි. ඒ බව නොවැම්බර් 2 වැනිදාට යෙදෙන පක්‍ෂ සංවත්සරයේදී අපි පෙන්වනවා. අපිත් එක්ක ඉන්න මිනිස්සු නැවත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යන්නේ නැහැ. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යන්න අපෙත් කිසිම බළාපොරොත්තුවක් නැහැ. ඔවුන්ට ඕනනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බැදෙන්න පුළුවන් යැයිද පැවසීය.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.