මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දී පොදු දේපොළ අවභාවිතය බරපතල ලෙස සිදු කෙරෙන බැවින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබී ඇති බලතල භාවිත කොට ඒ පිළිබඳ ගැසට් පත්‍රයක් නිකුත් කරන්නැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලීමක් කර ඇත.
අම්පාර, නුවර එළිය, කළුතර, මන්නාරම, කොළඹ හා පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි පොදු දේපොළ මැතිවරණ ප්‍රචාරණය සඳහා යොදවන අවස්ථා බහුලව ඇතැයි එම සංවිධානය කියයි.

