‘පොදු දේ කොල්ල කන්නෝ බලු කපුටන් ලෙස උපදින්නෝ‘


‘ජනතාවගේ දේපළ කොල්ල කන්නන් ඊළඟ ආත්මයේ දී බල්ලන්, කපුටන් ලෙස උපදින බව නිශ්ශංකමල්ල සෙල් ලිපියේ සඳහන් වෙනවා. ඒ සෙල් ලිපිය අදටත් ගැළපෙන බව මට හිතෙනවා. මේ නිසා නිශ්ශංකමල්ල සෙල්ලිපිය රජයේ ආයතන ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීමෙන් හොඳ ප්‍රතිඵල අත්පත් කර ගන්න පුළුවන් වෙයි.‘යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඔහු මේ බව පැවැසුවේ කොළඹ දී පැවැති පුරාවිද්‍යාල දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සර උත්සවයට සහභාගී වෙමිනි.