‘පොඩි මැණිකේ’ පිළිගත කරයි


(යොහාන් භාසුර)

‘පොඩි මැණිකේ’ දුම්රිය පීලි පැනීම නිසා අද (28) පෙරවරුවේ අවහිර වූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

පීලි පැනීමට ලක්වූ ‘පොඩි මැණිකේ’ දුම්ර්ය පීලිගතකර පස්වරු 1.42 කට පමණ වටවල දුම්රිය ස්ථානයෙන් පිටත්කර හැරි බව ද එම නිලධාරියා කීය. 


පොඩි මැණිකේ පීලී පනී

2024-06-28
13:05

(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි)                     

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය වටවල දුම්රිය ස්ථානය ආසන්නයේදි පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ අද(28) උදෑසන වටවල දුම්රිය ස්ථානයට ආසන්න විමත් සමග දුම්රියේ ඉදිරිපස එන්ජිමේ රෝද කිහිපයක් පිලි පැනීමෙනි.

පිලි පැනිමට ලක් වු දුම්රිය පිලිගත කිරිමේ කටයුතු මේ වන විට දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරිය කියා සිටියේය.