‘පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි කදිර සුරිඳුනේ‘


ලබන 17 වැනිදා ඇරඹෙන කතරගම ඇසළ උත්සවයට සහභාගීවීම සඳහා උතුරු නැගෙනහිර පළාත්වල සිට 1500 දෙනෙක් පමණ පාද යාත්‍රාවේ පැමිණ පාන ඔකඳ දේවාලයේ සිට අද (8) කුමන වනෝද්‍යානය මැදින් ගමන් අරැඹූහ.

මොනරාගල දිසාපති ඩී.ඒ.එස්.පද්මා කුලසූරිය මහත්මියද එහි වූවාය.

ලබන 17 වැනි දින ඔවුන් කතරගමට ළඟාවීමට නියමිතය.

පොතුවිල් මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි 242 බල සේනාධිපති කර්නල් සිරිශාන්ත මහතාගේ උපදෙස් මත 23 වැනි සිංහ රෙජිමේන්තුව වන්දනාකරුවන්ට කිරිබතින් සංග්‍රහ කළේය.

කුමන ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරුවන සුරංග රත්නායක මහතා විසින් බැතිමතුන්ට පරිසරයට හා වන සතුන්ට හානියක් නොවන ආකාරයට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නේය.

ලාහුගල ප්‍රාදේශීය ලේකම් එල්.ඒ.සෝමරත්න හා කතරගම ප්‍රාදේශීය ලේකම් ගයාන් අලගියවන්න මහත්වරුද පැමිණ සිටියහ.

DSC00212 DSC00220 DSC00221 DSC00240

DSC_0378[1] DSC00226[1] DSC00250 DSC00258 DSC00260 DSC00274