පේරාදෙණිය දංගොල්ල හංදියේ පාරේ දමා ගොස් සිටි දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වුවත් තවත් වෛද්‍ය පරික්ෂණ කිහිපයක් කළ යුතු බව පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය තුෂාර කුඩගම්මන මහතා කියයි.
දරුවා ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට නියමිත බවත් ඔහු පවසයි.
තම පවුලේ දරුවන් හතර දෙනකු සිටින බවත්, ස්වාමියා කුලී වැඩ කරන බවත්, නැති බැරි කම නිසා කටා හෝ හදා ගැනීමට දරුවා ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් සඳහන් ලිපියක් දරුවා සිටි තැන තිබී සොයා ගත් බව පොලිසිය කියයි.
(වීඩියෝ චමිල් රූපසිංහ)

