බන්දුල ගුණවර්ධන මහතා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සිංහයකුටත් තමන් පූසකුටත් සමාන කළත් පූසාට බියේ සිංහයා පැන යාම පුදුමයක් බවත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සමඟ ලබන අඟහරුවාදා (23) ප්‍රසිද්ධ විවාදයකට එක්වීමට සූදානමින් සිටින බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කීවේය.
මුදල් අමාත්‍යාංශයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇමතිවරයා එසේ කීවේය.

