‘පුවර්ටෝ රිකෝ’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලිය නිලූක කරුණාරත්න රන් පදක්කම දිනයි
දකුණු ඇමරිකාවේ රාජ්‍යයක් වන පුවර්ටෝ රිකෝ’හි පැවැති ‘පුවර්ටෝ රිකෝ’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ (2011) පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න අද (7) සමත්විය. අන්තර්ජාතික බැඞ්මින්ටන් සම්මේලනයේ තරග කාලසටහනට වාර්ෂිකව ඇතුළත්වන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත් පළමු අවස්ථාව මෙයවේ.
පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී ඕස්ටි‍්‍රයාවේ ක‍්‍රීඩක මිචෙල් ලොන්ස්ටිනේ පරදවා නිලූක තරග වට 2-0 ක පහසු ජයක් ලැබීය. එහිදී ලකුණු තත්ත්වය 21-18, 21-15 ක් ලෙස සටහන්විය.
නිලූක හමුවේ පරාජය ලැබු මිචෙල් ලෝක බැඞ්මින්ටන් ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ 56 වැනි ස්ථානයේ සිටින ප‍්‍රබල ක‍්‍රීඩකයෙකි. මිචෙල් මෙම තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශ්‍රේණිගත කිරීමේද පළමු ස්ථානයේ සිටියේය. නිලූක අවසන් පුර්ව තරගයේදී ජැමෙයිකාවේ ගේ‍්‍රත් හෙන්රි (21/11, 21/14) ක් ලෙස පරදවා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
සත්කාරක පුවර්ටෝ රිකෝ, ඇමරිකාව, ඊශ‍්‍රයලය, ඕස්ටි‍්‍රයාව, ඉතාලිය, බ‍්‍රසීලය, මෙක්සිකෝව, ඉන්දියාව, ඉරානය, කැනඩාව, ඉන්දුනීසියාව, ග‍්‍රීසිය වැනි රටවල් රැුසකින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ මෙම තරගාවලියට සහභාගිවුහ.
ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක පසුගියදා පැවැති 59 වැනි ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී ත‍්‍රිත්ව ශූරතා දිනා ගැනීමට ද සමත්විය.
මෙම තරගාවලියට චන්ද්‍රිකා ද සිල්වා සහ ලසිත මේනක ද සහභාගිවු අතර ඔවුන් කේවළ ඉසව්වේ දෙවැනි වටයේදී පරාජයට පත්වුහ.
නිලූක මෙම තරගාවලියෙන් පසුව යුරෝපයේ පැවැත්වෙන තරගාවලි දෙකකට ද සහභාගිවීමට නියමිතය.

