පුවත්පත් මණ්ඩලය යළි ක්‍රියාත්මක කරවීම ගැන ජාත්‍යන්තර පුවත්පත් සම්මේලනය හා ශ්‍රී ලංකාවේ මාධ්‍ය අයිතිවාසිකම් ආයතන ද දැඩි විරෝධය පළ කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජූලි දෙවැනි දා පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන් පත් කර එය යළි පණ ගැන්වීය.
1973 දී පිහිටවූ මෙම මණ්ඩලයෙන් මාධ්‍යවේදීන් සිර ගෙට යැවීම ඇතුළු දැඬුවම් කිරීමේ පුළුල් බලතල රැසක් හිමිවෙතියි එම ආයතන කියයි.
ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය ද ජනපතිගේ ක්‍රියාව තරයේ හෙළා දකියි.
මෛත්‍රීපාල සිරිසේන මහතා පුවත්පත් මණ්ඩලය යලි පණ ගන්වා ඇත්තේ නීති විරෝධී ලෙස යැයි ද, ඊට සාමාජිකයන් පත් කිරීමේ දී මාධ්‍යවේදීන්ගෙන් උපදෙස් ලබා ගැනීමේ මූලික ආචාරශීලී බව වත් පෙන්වා නැතැයි ද ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කියයි.
දරදඬු නීති ඇතුළත් පුවත්පත් මණ්ඩලය ප්‍රජාතන්ද්‍රවාදී පාලනයක් යටතේ මාධ්‍ය අයිතිවාසිකම් උල්ලංඝණය කරන බවත්, ජයපතිවරණයේ දී දුන් පොරොන්දු වලට පිටුපා මාධ්‍ය නිදහසට එරෙහිව කළ මේ ක්‍රියාව වහාම අහෝසි කර පුවත්පත් මණ්ඩලය ද අහෝසි කරන ලෙස අන්තර් ජාතික පුවත්පත් සම්මේලනය (අයි.එෆ්.ජේ) ඉල්ලයි.
ජාතික රාජ්‍ය සබාවේ 1973 අංත 05 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත මගින් ස්ථාපති පුවත්පත් මණ්ඩලයට දිසා අධිකරණයකට ඇති බලතල හිමිය. දිසා අධිකරණ තීන්දුවකට එරෙහිව අභියාචනා මහාධිකරණය, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි වුවත් පුවත්පත් මණ්ඩලයේ තීන්දු තීරණවලට එරෙහිව කිසිදු අධිකරණයකට යා නොහැකිය.
පනතේ දෙවැනි වගන්තියේ දෙවැනි උප වගන්තිය අනුව පුවත්පත් මණ්ඩලයට එරෙහිව නඩු පැවරිය නොහැකිය.
ප්‍රවෘත්ති අධ්‍යක්ෂගෙන් සහ ජනපති විසන් පත් කරනු ලබන තවත් සාමාජිකයන් යන දෙනකුගෙන් පුවත්පත් මණ්ඩලය සමන්විතය.
පනතේ නව වැනි වගන්තියේ පළමු වැනි උප වගන්තිය අනුව පුවත්පත් මණ්ඩලය මගින් පැවැත්වූ පරීක්ෂණයකින් පසු නිවැරදි කිරීමක් පළ කරන ලෙස පුවත්පතකට අණ කිරීම, පුවත්පත් අයිතිකරුට, මුද්‍රණකරුට, ප්‍රකාශකට, කර්තෘට, පත්‍ර කලාවේදියාට හෝ සෙසු නිලධරයකුට දෝෂාරෝපනය කිරීම, පෙර සඳහන් කළ පිරිසට උචික පාර්ශ්වයකින් සමාව අයදින ලෙස අණ කිරීම කළ හැකිය.
පනතේ නව වැනි වගන්තියේ පස් වැනි උප වගන්තිය අනුව මණ්ඩලයේ යම් අණක් දෝෂාරෝපනයක් අවසානාත්මක හා තීරණාත්මක විය යුතු අතර කිසිම අධිකරණයක දී එය ප්‍රශ්න නොකළ යුතුය.

