පුරවැසි බලය සංවිධානයේ සාමාජිකාවක මෙන්ම ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂිකාවක්ද වන ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ නිවසට පෙරදින රාත්‍රී ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, වත්තේ සිටි ගවයකු පැහැරගෙන ගොස් ඇති බවටත් පොලිසියට පැමිණිලි කර ඇත.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පුරවැසි බලයේ වේදිකාවට නගින කලාකරුවන් අතර ඇය ද කෙනකි.
සිද්ධිය ගැන ඇය මෙසේ කියන්නීය.
‘මීට දිනකට පෙර පුරවැසිබලයේ වැඩකට ගිහින් මා එද්දි රාත්‍රී ත්‍රීරෝද රථයක් මඟ රැක සිට පාර හරස් කර නැවැත්තුවා. අපි කොහොම හරි වාහනය ඉදිරියට ගෙන ආවා. ඒ ගැන පොලිසියට පැමිණිලි කළා.
අද මම අනුරාධපුර අවසන් රැලියට යන්නයි හිටියේ. නමුත් අලුයම ප්‍රහාරයක් එල්ල වුණා. වත්තේ බැඳ සිටි ගවයකු ද අරගෙන ගිහින්. අපේ පැත්තේ හරක් අයාලේ යනවා. හරක් හොරුන්ට ඕනෑ නම් පාරේ යන හරකුන් ඕනෑ තරම් ඉන්නවා. මේ දේ කළේ මා බය කරන්නයි.
2005දි මට මේ වගේ දේවල් කළා. අනෝජලට, චන්ද්‍රලේඛලට කළෙත් මේ දේම තමයි. කාන්තාවන් නිසා මෙවැනි දේ කර බය කරන්නයි උත්සාහ කරන්නේ. පොලිසියෙන් අපේ නිවසට පැමිණ පරීක්ෂණ කරනවා.

