‘පුංචි ළමයි වෙන්න එපා‘


මහනුවර දළදා මාලිගාවේ පින්තූර සහිත කාන්තා ටී ෂර්ට් තොගයක් ඉදිරිපත් කළ පොලිසියට මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය පැවැසුයේ පොඩි ළමයින් නොවී පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පොලිසියේ උසස් නිළධාරීන් කැඳැවන ලෙසයි. බුද්ධාගමට අපහාසයක් ගෙන දෙන බව කියන මේ ටී ෂර්ට් අලෙවි කළැයි කියන සාප්පුවේ සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලියාගෙන ඇත්නම් ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමට පියවර නොගන්නේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන්  ප්‍රශ්න කළාය. වජිර හඳුන්ගේ හා සිරිමල් ජයවර්ධන යන පැමිණිලිකැරුවෝ පැමිණ සිටියහ. ටී ෂර්ටයක මිල රුපියල් 850කි.