ලෝක ළමා දිනය නිමිත්තෙන් අද (1) ශ්‍රී ලංකාවේ පාසල් රැසක විවිධ උත්සව හා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි.
පුත්තලම ආනන්ද ජතික පාසලේ දරු දැරියෝ ලෝක ළමා දිනය සමරමින් අද (1) පාගමනක් ආරම්භ කළහ.
විවිධ වැකි සහිත නාමපුවරු රැසක් ප්‍රදර්ශනය කරමින් විදී සංචාරය කළ සිසුහු ජනතාව දැනුම්වත් කළහ.
ආනන්ද ජාතික පාසලේ විදුහල්පතිනී ඊ.එම්. පුෂ්පා කුමාරී මහත්මියගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලයේ සහායෙන් මෙය සංවිධානය කර තිබුණි.
බණ්ඩාරගම මැද්දේගම සද්ධාතිස්ස ප්‍රාථමික විදුහලද ලෝක ළමා දිනය වෙනුවෙන් විවිධ ප්‍රසංගයක් සංවිධානය කර තිබිණි.
වීඩියෝ - එච්. චන්දන
මීගහතැන්න මෙරිල් කාරියවසම් පාසලේ සිසුන් සංවිධානය කළ පාගමනක්ද අද පැවැත්විණි.












