‘පුංචි ජන්දය මාර්තුවේ’


RDS_9100 RDS_9103 RDS_9112 RDS_9182 RDS_9216පළාත්  පාලන මැතිවරණය ලබන අවුරුද්දේ  මාර්තු  මාසයේ දී  අනිවාර්යයෙන්ම පැවැත්වෙන බවත්  නව ව්‍යවස්ථාවක් යටතේ  අලුත් ජන්ද ක්‍රමයක්  ඇති කිරිමට මේ වන විටත්  දේශපාලන පක්ෂ රැසක් එකඟ වී  තිබෙන බවත් අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ගලදාරි හෝටලයේ දී  අද (29) පැවැති  ජාතික කළමණාකරණ සමුළුවේ  ආරම්භක අවස්ථාවට  සහභාගි වෙමින්  පැවැසුවේය.

2017 වන විට  නව ව්‍යවස්ථා ඇතුළු ප්‍රජාත්‍රන්ත්‍රවාදි  ප්‍රතිසංස්කරණ රැසක්  ක්‍රියාත්මක කරන බවද අගැමැතිවරයා  කීවේය. මෙරට  ජර්මාන් තානාපති  ආචාර්ය ජුවර්ජන්  මොහාඩ් මහතා මෙහි විශේෂ ආරාධිතයා ලෙස   එක් වු  අතර  ශ්‍රී ලංකා  කළමණාකරණ ආයතනයේ  සභාපති  මේජර් ජනරාල් උපුල් පෙරේරා  අගමැතිවරයා  හා ජර්මාන් තානාපතිවරයාට එහිදී උපහාර සම්මාන ද පිරිනැමීය.