ඉතාලියේ ජෙනෝවා නගරයේ වාසය කරන දහනව හැවිරිදි ලාංකික තරුණියක් බටහිර පන්නයට ඇඳුම් පැළඳුම් පලඳිනවායයි කියා, ඉන් නොසතුටට පත් පියා සහ මාමා කෙනෙකු සන්පෘත්තූසෝ මහාමාර්ගයේ පහරදීමෙන් පසුව ඒ අවට සිටි ඉතාලිජාතිකයන් ඇය ගිලන්රථයකට නංවා ජෙනෝවා නගරයේ සාන්ත මාටින් රෝහලට ඇතුළත් කැරනු ලැබීය.
රෝහල් වෛද්‍යවරුන් පවසනුයේ තරුණියගේ ශරීරයේ තැලීම් සහ සීරීම් ඇති බවයි.තවද මෙසේ පහර කෑමට ලක්වූ පළමු අවස්ථාවද මෙය නොවන බව පවසයි.
ලාංකික තරුණියට ඇගේ මතය දරමින් ජිවත් විමට නිවසක් සොයාදෙන ලෙස ඉතාලි පොලිසිය සමාජසේවා ආයතනයකට දැනුම්දී ඇත.