‘පිටරැටියන් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන හෙළි කරනවා’ - වෛද්‍ය පාදෙණිය


(නිමල කොඩිතුවක්කු)

පිටරට පුරවැසියන් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන එකින් එක රටට  හෙළි කරන බවත් ඒ අය පිළිබඳ තොරතුරු ජනතාවට ලබා දෙන බවත් වෘත්තිකකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අද (27) පැවසීය.

රටට එරෙහිව කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන, පුද්ගලයින් සහ මාධ්‍යවේදීන් මහජනතාවට හඳුනා ගත හැකි දර්ශක ක‍්‍රමයක් ඉදිරිපත් කරන බවද ඒ මහතා සඳහන් කළේය.

වෘත්තිකකයන්ගේ ජාතික පෙරමුණ විද්වත් වෘත්තිකකයන්ගේ සංගම් ගොඩනැගිල්ලේ කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

මේ සදහා විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක්  පත්කිරීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.