‘පැල්පත් නොකඩනු’


මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයෙහි පැල්පත් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයට එරෙහිව එම පැල්පත්වාසීන් සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලන  පක්ෂ කිහිපයක්  අද (10) මාලිගාවත්තේදී උද්ඝෝෂණයක් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර,රවී කරුණානායක,ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක මනෝ ගනේෂන් ,නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න යන මහත්වරුද එහි වුහ.