‘පැරදුණේ මහින්ද නොවේ සංවර්ධනයයි‘


මහින්ද රාජපක්ෂ  අගමැති කරවීම සඳහා වන රැලියක් මාතර කොටුවේගොඩ සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී දැන් පැවැත්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, රෝහණ දිසානායක, ටී බී ඒකනායක, මාලනී ෆොන්සේකා, ජානක බණ්ඩාර, නිශාන්ත මුතුහෙට්ටිගම, පවිත්‍රා වන්නිආරච්චි, ෂෙහාන් සේමසිංහ, රමේෂ් පතිරණ, නියෝජ්‍ය කතා නායක චන්දිම වීරක්කොඩි, සනී රෝහණ, සරත් කුමාර ගුණරත්න, කණක හේරත්, වයි ජී පද්මසිරි, ගීතාංජන ගුණවර්ධන, මනූෂ නානායක්කාර, ගාමිණී ලොකුගේ, සාලින්ද දිසානායක, එස් එම් චන්ද්‍රසේන, සරණ ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ලක්ෂමන් වසන්ත පෙරේරා, රෝහිත අබේගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන, ඉන්දික බණ්ඩාර, රංජිත් සොයිසා, වීරකුමාර දිසානායක, කුමාර වෙල්ගම, මහින්ද යාපා අබේවර්ධන, කමලා රණතුංග, රොෂාන් රණසිංහ, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්වරු රැලියට පැමිණ සිටිති.

එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම සඳහා ලොකු වගකීම සංධානයට ඇතැයි ද, අට වැනි දා පරාජය වූයේ මහින්ද රාජපක්ෂ නොව ඔහුගේ සංවර්ධන වැටපිළිවෙළයැයි ද සන්ධාන මන්ත්‍රී හිටපු ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා කීවේය.

ලංකාවට අවශ්‍ය වන්නේ මෛත්‍රී , රනිල් ආණ්ඩුවක් නොව, මෛත්‍රී මහින්ද ආණ්ඩුවක් යැයි ද, අලුත් යුගයක් ඇති කිරීමට මහින්ද රාජපක්ෂ යළි බලයට පත් කළ යුතු යැයි ද, මාතර රැලියට මන්ත්‍රීවරුන් 74ක් පැමිණියේ යැයි ද හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.