‘පැන්නූ හොරු යළි කරලියේ‘


ජනවාරි අට වැනි දා මහජනතාව විසින් පරාජයට පත් කළ දූෂිත පාලකයන් ඇතුළු පිරිස නැවත අළු ගසා දමා ක්‍රියාකාරී මට්ටමට මේ මොහොත වන විට පත්ව ඇති බවත්, එය යහපාලනයට නුසුදුසු හෙයින් ලබන මැතිවරණයේ දී ඔවුන් බලයට ගෙන එනවාද නැද්ද කියා ජනතාව සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතු බව තම සංවිධානය මහජනතාවට මතක් කරන බවත් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ කීහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී මාධ්‍ය හමුවක දී ය.

කුඩුකාරයන්ට, එතනෝල්කාරයන්ට, බුකීකරුවන්ට හා ස්ත්‍රී දූෂකයන්ට නැවත පාර්ලිමේන්තුවට එන්නට ඉඩ නොදිය යුතුය යන්න තරයේ මතක තබා ගන්න යැයි උන්වහන්සේ ඇතුළු සෙසු හිමිවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

ජාතික භික්ෂු පෙරමුණේ සභාපති හඳුගල රතනපාල, නියෝජ්‍ය සභාපති මහනුකවැවේ අනුරුද්ධ, විධායක සභික තංගල්ලේ සාරද, කඩහගම ඤාණසිරි යන හිමිවරු ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

RDS_5389 RDS_5390 RDS_5399