(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරය ගැන සොයාබැලීම සඳහා ස්වාධීන අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත්කරන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.
මෙම ප්‍රහාරයට හේතුව, ඊට වගකිවයුත්තේ කවුද, අන්තවාදීන්ට දේශපාලන රැකවල් දුන්නේ කවුරුන්ද ආදිය සොයාබැලීම සඳහා මෙම කොමිෂන් සභාව පත්කරන ලෙස ඔවුන් ඉල්ලා ඇත.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, සනත් නිශාන්ත යන මන්ත්‍රීවරුන්ගේ සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියගේ අත්සනින් ජනාධිපතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත.



