කොටදෙනියාවේ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින පාසල් සිසුවා සහ එක්දරු පියා අද (30) බන්ධනාගාරයෙන් මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එම් එන් රාල් හක් මහතාට ඉදිරිපත් කරනු ලැබීය.
සැකකරුවන් දින තුනක් පොලිසියේ රඳවාගෙන පහර දුන් බවට නීතීඥවරුක් මහේස්ත්‍රාත්ට දැන්වීමෙන් පසු ඔවුන් මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීට යොමු කරන්නැයි මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා සඳුදා (28) නියෝග කළේය.
අධිකරණ වෛද්‍යවරයාගේ නිරීක්ෂණ මහේස්ත්‍රාත්ට යැවීමට නියමිතය.

